Posts
Showing posts from November, 2025
ඇමරිකා එක්සත් ජනපදයේ නව, දරුණු විය හැකි උණ ප්‍රභේදයක් පැතිරෙමින් පවතී. මෙම රෝග ලක්ෂණ සඳහා විමසිල්ලෙන් සිටින්න.
- Get link
- X
- Other Apps
ලොව පුරා පැතිර යන විකෘති ඉන්ෆ්ලුවෙන්සා A, H3N2 උප ශ්‍රේණියේ K, වෛරසයේ දරුණු උණ සමයක් පිළිබඳ කනස්සල්ලට හේතු වී තිබේ. අවධානය යොමු කළ යුතු රෝග ලක්ෂණ මෙන්න. ඇමරිකා එක්සත් ජනපදයේ තවමත් උණ සමය සම්පූර්ණයෙන් ආරම්භ වී නැත, නමුත් විදේශයන්හි දරුණු වසංගත ඇති කර ඇති වෛරසයේ විකෘති වික්‍රියාවක් ඉදිරි ශීත කාලය පිළිබඳ කනස්සල්ලට හේතු වී තිබේ. එන්නත් වලින් ප්‍රතිශක්තියෙන් ගැලවීමේ හැකියාව වැඩි දියුණු කළ හැකි විකෘති ගණනාවක් හඳුනා ගැනීමෙන් පසු මෙම වසර මුලදී ඉන්ෆ්ලුවෙන්සා A H3N2 හි නව අනුවාදයක් මතු වූ බව විශේෂඥයෝ පවසති. "උප ශ්‍රේණියේ K" ලෙස හඳුන්වන විකෘති H3N2 වික්‍රියාව උතුරු අර්ධගෝලයේ රටවල් කිහිපයක වේගයෙන් පැතිර ගොස් ආධිපත්‍යය ලබා ඇත. අසාමාන්‍ය ලෙස මුල් හා දරුණු උණ සමයක් අත්විඳීමෙන් පසු ඉන්ෆ්ලුවෙන්සා වසංගතයක් ප්‍රකාශයට පත් කළ ජපානයේ ආසාදන වැඩිවීමක් ඇති කළ බව බෝවන රෝග සඳහා වූ ජාතික පදනමේ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රොබට් හොප්කින්ස් ජූනියර් TODAY.com වෙත පවසයි. උප ශ්‍රේණියේ K වික්‍රියාව එක්සත් රාජධානිය පුරා ද පැතිර යමින් පවතින අතර, එහි අපේක්ෂා කළ කාලයට වඩා කලින් දරුණු ආසාදන රැල්ලක් දක්නට ලැබේ. BMJ ට ...
උදැල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි
- Get link
- X
- Other Apps
පොතුවිල් පොලිස් වසමේ හුලංනුගේ, 12 කණුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලිසිය පවසන්නේ ඊයේ (22) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි. මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ වයස අවුරුදු 55ක පොතුවිල්, හුලංනුගේ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්. සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවයි. අපරාධය සිදුකළ බව කියන වයස අවුරුදු 59ක වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෘත ශරීරය හුලංනුගේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පොතුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
"අද වේදිකාවේ කුමාරයා නාමල් රාජපක්ෂ" හරීන් ප්‍රනාන්දු - නුගේගොඩ රැළියේදී
- Get link
- X
- Other Apps
"හම්බවෙන පළවෙනි අවස්ථාවේදීම අපි ආණ්ඩුව පෙරළනවා" - නාමල් රාජපක්ෂ - නුගේගොඩ රැළියේදී
- Get link
- X
- Other Apps
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා ඇති බවට චෝදනා එල්ල වී තිබෙන, නොරොච්චෝල පොලිස් ස්ථානාධිපති රවී පද්මකුමාර ඇතුළුව පොලිස් ස්ථානාධිපතිවරු 25 කට ස්ථානමාරුවීම්.
- Get link
- X
- Other Apps
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා ඇති බවට චෝදනා එල්ල වී තිබෙන, නොරොච්චෝල පොලිස් ස්ථානාධිපති රවී පද්මකුමාර ඇතුළුව පොලිස් ස්ථානාධිපතිවරු 25 කට ස්ථානමාරුවීම්. පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළුව, පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ 25 දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත, අද දින සිට බලපැවැත්වෙන පරිදි, පොලිස්පති වරයා විසින් මෙම ස්ථානමාරුවීම් ලබා දී ඇති බව පැවසේ. ස්ථානමාරුවීම් ලැබූ පොලිස් ස්ථානාධිපතිවරු අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වා ඇති බවට චෝදනා එල්ල වී තිබෙන නොරොච්චෝලෙ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති රවී පද්කුමාර යන අයද සිටියි. ඔහු, නොරොච්චෝල පොලිස් ස්ථානයේ සිට ගම්පහ පොලිස් කොට්ඨාශයට මාරුකර යවා තිබේ.
ට්‍රම්ප් BBCයෙන් බිලියන ගාණක වන්දි ඉල්ලලා
- Get link
- X
- Other Apps
තමන් 2021 වසරේදී සිදුකළ කතාවක අදහස් විකෘති වන අයුරින් සංස්කරණය කර විකාශ කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ BBC මාධ්‍ය ආයතනයෙන් ඩොලර් බිලියන පහක වන්දියක් ඉල්ලා ලබන සතියේ නඩු පවරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ එම සිදුවීම සම්බන්ධයෙන් BBC මාධ්‍ය ආයතනය ජනාධිපතිවරයාගෙන් සමාව ද ඉල්ලා ඇති පසුබිමකයි. එම සිදුවීමට අදාළව BBC මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරන ඩෙබොරා ටර්නස් පසුගියදා ඉල්ලා අස්වී තිබුණා. ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව නිර්මාණය කළ Trump: A Second Chance? යන වාර්තා චිත්‍රපටය සංස්කරණය කිරීමේදී නරඹන්නන් නොමග යැවූ බවට එල්ලවූ විවේචනවලින් පසුවයි.
වැඩ කිරීමෙන් පළිගන්න ! තක්සලාවේදී මහින්ද අනුරට කියයි !
- Get link
- X
- Other Apps
අධ්‍යාපනයට Social Media
- Get link
- X
- Other Apps
අපේ දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට Facebook, TikTok, Instagram, YouTube, Telegram, WhatsApp වැනි සමාජ මාධ්‍ය පත් වී අවසන් ය. බොහෝ දෙනා විනෝදය සඳහා මෙන් ම මිතුරන් සමඟ කඩිනම් අදහස් හුවමරුවක් සඳහා ද මේ මාධ්‍ය භාවිතා කරති. එහෙත් විනෝදාස්වාදය සඳහා භාවිතා කරන සමහර සමාජ මාධ්‍ය ප්‍රබල අධ්‍යාපනික මෙවලම් වන බව ඔබ දන්නවා ද? විධිමත් හා අවිධිමත් ඉගෙනුම් ක්‍රමවේදයන් යා කරන දම්වැලක් ලෙස ක්‍රියා කිරීමට සමාජ මාධ්‍යයට පුළුවන. පාසැල් අධ්‍යාපනය තුළ සමාජ මාධ්‍ය භාවිතය මඟින් සිසුන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට පහසුවෙන් ප්‍රයෝජනවත් තොරතුරු ලබා ගැනීමට සහ අනෙකුත් ඉගෙනුම් කණ්ඩායම් සමඟ සම්බන්ධ වීමට ද හැකි වේ. Project Noah යනු දැනුමැති සහ පළපුරුදු ගෝලීය ප්‍රජාවක සහාය ඇති ව වනජීවී ඡායාරූපකරණය පිළිබඳ ව දරුවන්ට ඉගෙන ගත හැකි ඔන්ලයින් ප්‍රජාවකි. DiGii Social විසින් ආරක්ෂිත සමාජ ජාල වේදිකාවක් සපයන අතර, එමඟින් ආරක්ෂිත ඩිජිටල් ජීවිතයක් සඳහා දරුවන් දැනුවත් කිරීම සහ සූදානම් කිරීම සිදු වෙයි. උදාහරණයක් ලෙස, ඔවුහු මාර්ගගත ආරක්ෂාව (Online safety) සහ ඩිජිටල් පුරවැසිභාවය (Digital citizenship) පිළිබඳ ව පරිශීලකයන් දැනුවත් ක...
My Red Comrade full movie (වැඩිහිටියන්ට පමණයි) /Political drama/Sinhala movie
- Get link
- X
- Other Apps
"ශිහාන් මට බැන්නේ නෑ.මට එයාගෙ සිංදුත් කියන්න කියලා තියෙන්නේ" ශිහාන් කොච්චර හොද හිතක් තියන මනුස්සයෙක්ද?
- Get link
- X
- Other Apps
නාමල්ගේ නීති උපාධිය ගැන ඇමති නලින්ද කළ පැහැදිලි කිරීම
- Get link
- X
- Other Apps
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එංගලන්තයෙන් ලබා ගත් බව කියන නීති උපාධිය සහ ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීම සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බවට වෙබ් අඩවි රැසක් තොරතුරු වාර්තා කර ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. මෙරට ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වන නිර්මලා කන්නන්ගර මහත්මිය විසින් මෙම ආන්දෝලනාත්මක තොරතුරු මුලින්ම හෙළිදරව් කර ඇති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. නාමල් රාජපක්ෂ මහතා එංගලන්තයේ සිටි යුනිවර්සිටි (City University) ආයතනයෙන් ලබාගත් බව කියන සහතිකය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියක් සඳහා ලියාපදිංචි වීමට ඉදිරිපත් කර ඇති බවත්, එම සහතිකය නිකුත් කර ඇත්තේ 2009 වසරේ සැප්තැම්බර් 15 වන දින බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය. කෙසේ වෙතත්, අදාළ සහතිකයට අත්සන් තබා ඇති උපකුලපතිවරයා එම වසරේ ජූලි මස 23 වැනිදා ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවත්, ඔහු ඉල්ලා අස්වී දින 54 කට පසුව මෙම උපාධි සහතිකයට අත්සන් තැබීම බරපතල සැකයට තුඩු දෙන කරුණක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීමේදී සාමාන්‍ය නීති ප්‍රව...