පොතුවිල් පොලිස් වසමේ හුලංනුගේ, 12 කණුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ ඊයේ (22) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.
මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ වයස අවුරුදු 55ක පොතුවිල්, හුලංනුගේ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.
සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවයි.
අපරාධය සිදුකළ බව කියන වයස අවුරුදු 59ක වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෘත ශරීරය හුලංනුගේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පොතුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Tags
News

