මහින්ද මහත්තයාට කිරි අම්මලාගේ ආශීර්වාදය

මහින්ද මහත්තයාට කිරි අම්මලාගේ ආශීර්වාදය

0
Comments
Last updated 19:04

Posts »

:

 


මේ කියන්න යන්නේ තවත් වෙනස් විදිහේ සිදුවීමක් ගැන කතාවක්.. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා..


ඉතින් ඔන්න ඒ වෙනුවෙන් ඔහුගේ නිවසේ විශේෂ කිරි දානයක් පැවැත්විලා තියනවා.. මෙන්න ඒ ගැන ඔහුගේ මුහුණුපොතේ මෙන්න මේ වගේ සයහනක් පළ කරලා තිබුණා..


"මාගේ ජන්ම දිනයේදී වාර්ෂිකව පැවැත්වෙන කිරි අම්මාවරුන්ගේ දානය අද දින පෙරවරුවේ විජේරාම නිවසේදී පැවැත්විණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ උපදෙස් හා අනුශාසනා පරිදි මෙම දානමය පිංකම සංවිධානය කරන ලදී.

එහිදී ආගමික වතාවත්වල නිරත වී මහා සංඝරත්නයේ ජය පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ පළමුව ත්‍රිවිධ රත්නයේ ආශීර්වාද ලබා ගත්තෙමි. අනතුරුව සත්පත්තිනි මෑණියන් උදෙසා නිසි ඇවතුම් පැවතුම් වලට අනුව කිරි අම්මාවරුන්ගේ දානය පවත්වන්නට යෙදුණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය, මගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ඇතුළු හිතවතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ."





Show all Show less

Post a Comment