ගාලුමුවදොර පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කරනු ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එම තහනම දින දහයකට තාවකාලිකව අත්හිටුවන්නට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පිළිණ ගමිගේ මහතා ඊයේ (08) නියෝග කළේය. දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා අවශ්‍යව ඇති බැවින් තම සේවාදායකයාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරුන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කරනු ලැබ සිටින හිටපු අමාත්‍ය සී.බී. රත්නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක යන අයවලුන්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසට ද ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කළහ. මාර්තු මස 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුළ බහරේන් හි පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සමුළුවකට ශ්‍රී ලංකාව නියෝජනය කිරීම වෙනුවෙන් සහභාගීවීම සඳහා තම සේවාදායකයාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කළහ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන 10 වැනිදා සිට 31 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝග නිකුත් කළේය.
නිමන්ති රණසිංහ


