මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා ඇති බවට චෝදනා එල්ල වී තිබෙන, නොරොච්චෝල පොලිස් ස්ථානාධිපති රවී පද්මකුමාර ඇතුළුව පොලිස් ස්ථානාධිපතිවරු 25 කට ස්ථානමාරුවීම්.
0 Chapters
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා ඇති බවට
චෝදනා එල්ල වී තිබෙන, නොරොච්චෝල පොලිස්
ස්ථානාධිපති රවී පද්මකුමාර ඇතුළුව
පොලිස් ස්ථානාධිපතිවරු 25 කට
ස්ථානමාරුවීම්.
පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළුව, පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ 25 දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබා දී තිබේ.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත, අද දින සිට බලපැවැත්වෙන පරිදි, පොලිස්පති වරයා විසින් මෙම ස්ථානමාරුවීම් ලබා දී ඇති බව පැවසේ.
ස්ථානමාරුවීම් ලැබූ පොලිස් ස්ථානාධිපතිවරු අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වා ඇති බවට චෝදනා එල්ල වී තිබෙන නොරොච්චෝලෙ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති රවී පද්කුමාර යන අයද සිටියි.
ඔහු, නොරොච්චෝල පොලිස් ස්ථානයේ සිට ගම්පහ පොලිස් කොට්ඨාශයට මාරුකර යවා තිබේ.

