හිටපු ජනපති මහින්දට දින 10කට රට යන්න අවසර
ගාලුමුවදොර පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කරනු ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එම තහනම දින දහයකට තාවකාලිකව අත්හිටුවන්නට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පිළිණ ගමිගේ මහතා ඊයේ (08) නියෝග කළේය. දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා අවශ්‍යව ඇති බැවින් තම සේවාදායකයාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරුන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන අප්‍රේල් මස 20 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලය තුළ ඉවත් කිරීමට අධිකරණය තීරණය කළේය. මෙම සිද්ධියට අදාළව සැකකරුවන් වන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් සජිත් ජයතිලක, මහින්ද කහඳගම, අජන්ත ලියනගේ, මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු යන අය ඇතුළු සැකකරුවෝ 22 දෙනෙක් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ ඊයේ (08) පෙ...